Tuesday, March 19, 2024

General line - 0115112241

ශරීයා විශ්ව විද්‍යාලය ගැන සම්පූර්ණ වාර්තාව ජූලි මාසයේදී




නැගෙනහිර ශරීයා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සම්පූර්ණ වාර්තාව ජූලි මස පළමු සතියේදි පාර්ලිමේන්තුවට භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ අද (20) ප්‍රකාශ කළා.

අදාළ විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාමාජිකයෙකු ද වන ඔහු ප්‍රකාශ කළේ මතභේදයට තුඩු දී ඇති ශරීයා විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් පිළිබඳව ද සොයා බැලූ බවයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලාගේ පුත්‍රයාගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ කියා සිටියා. 

අදාළ විශ්ව විද්‍යාලය රජයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්ව විද්‍යාලයක් විය යුතු බවටත්, මෙය මඩකලපුව තාක්ෂණ විශ්ව විද්‍යාලය ලෙස පිහිටුවන ලෙසත්, යෝජනා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.