Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිළ අද තරග බිමට

තරංග රුක්ෂාන් ජයසේකර




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය අද (21) පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමටයි සිදුවුණේ. අද තරගය පැවැත්වීමට හැකි වුවහොත් එය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලෝක කුසලානයේදී හිිමිවන තණතීරුවලට සමාන තණතීරුවල අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාවක් වනු ඇති.

එමෙන්ම දිමුත් කරුණාරත්න එක්දින තරගයකදී ශී‍්‍ර ලංකා පිල මෙහෙයවන පළමු අවස්ථාවද මෙය වනවා. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලියකදී සහභාගි වන අවසන් තරගයද මෙයයි.

කෙසේවෙතත් ලෝක කුසලාන ප‍්‍රධාන තරග ආරම්භයට පෙර ශී‍්‍ර ලංකාවට පුහුණු තරග දෙකක් ලබාදී තිබෙනවා. ඒ, දකුණු අපි‍්‍රකාව සහ ඕස්ටේ‍්‍රලියාව සමගයි. එම තරග ලබන සිකුරාදා ආරම්භ වනවා. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය එංගලන්තයේදී ආරම්භ වන්නේ ලබන 30 වැනිදායි.