Friday, April 26, 2024

General line - 0115112241

තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ භාෂා පරිවර්තක පාර්ලිමේන්තුවට රැගෙන එයි (VIDEO)

සමන්ත කුමාර




තව්හිත් ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පවත්වනු ලැබූ බව කියන පාර්ලිමේන්තු භාෂා පරිවර්තක නෞෂාඩ් ජමාල්ඩින් නැමැත්තාව පොලිසිය විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ බව අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියා. ඒ ඔහුගේ කාර්යාල කාමරය පරික්ෂා කිරීම සදහායි.

කුරුණෑගල අලකොලදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරක් සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පොලිස් විමර්ශනයකදී මෙම පාර්ලිමේන්තු සේවකයාව පසුගිය මැයි මස 18 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල පොලිසිය විසින්ය.

මෙම සැකකරුව මාස තුනක කාලයක සදහා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට අවසර ලබාදී තිබෙනවා.