Saturday, April 27, 2024

General line - 0115112241

බදියුදීන් ධුරයෙන් ඉවත් කරන්න එක අත්සනයි අවශ්‍ය




විශ්වාසභංග හෝ තේරීම් කාරක සභාවලින් නොව අවශ්‍ය නම්  ජනාධිපතිවරයාට එක් අත්සනකින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ධුරයෙන් ඉවත් කළ හැකි බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ විශ්වාසභංග හෝ තේරීම් කාරක සභාවලින් සිදු වන්නේ තවත් කාලය දීර්ඝ වීමක් පමණක් බවයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

මතභේදයට තුඩු දී ඇති නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලය වහාම වසා දැමිය යුතු බවයි උන්වහන්සේ මෙහිදී ප‍්‍රකාශ කළේ. 

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සියලූ තනතුරුවලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා ජාතික සංඝ සම්මේලනය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) සංදේශයක් ද භාරදුන්නා. අදාළ සංදේශයට දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සන් ඇතුළත්. ඉස්ලාම් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට අනුග‍්‍රහය සහ අනුබල දුන් බවට අමාත්‍යවරයාට සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනාට එමගින් චෝදනා එල්ල කර ඇතැයි සඳහන්. 

(ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහන පහතින් දැක්වෙයි)