Friday, April 26, 2024

General line - 0115112241

බදුරලිය පාසලකින් බෝම්බ හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට




බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක තිබී අත්බෝම්බ කිහිපයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බදුරලිය, හැඩිගල්ල ජනපදයේ පදිංචි පවිත්‍ර මධුසංක නමැති 32හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු බදුරලිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.