Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ සිට පලායන බව කියන අයි එස් සාමාජිකයින් සොයා නාවික හමුදා මෙහෙයුම්




ශ්‍රී ලංකාවේ සිට පළායන අයි එස් සාමාජිකයින් පිරිසක් සම්බන්ධයෙන් ඉන්දිය මාධ්‍ය සිදු කළ අනාවරණයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සිය බළ මුළු ශක්තිමත් කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේ මෙම වාර්තා සම්බන්ධයෙන් තහවුරු කළ තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. 

මේ අතර අයි එස් සංවිධානයට එරෙහි මෙහෙයුමේ දී ඉන්දීය සහය ලබාගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ සිට පළායන අයි එස් සාමාජිකයින් සොයා කේරළ වෙරළ තීරය පුරා දැඩි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි. අයි එස් සංවිධානයට සම්බන්ධ 15දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සුදුපැහැ බෝට්ටුවකින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ මිනිකොයි දූපත වෙත පළා යමින් ඇතැයි එරට බුද්ධි අංශ වාර්තාවක් අනාවරණ කර තිබුණා.