Friday, April 26, 2024

General line - 0115112241

නීති විරෝධීව මෙරට රැදී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු රාජගිරියේදී අත්අඩංගුවට

කසුන් කැළුම්




වලංගු වීසා බලපත‍්‍ර නොමැතිව නීතිවිරෝධීව මෙරට රැුදී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු රාජගිරිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාකිස්තානු ජාතිකයන් දෙදෙනා මෙරටදී වෙළදාම් කටයුතුවල නිරතව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් මුදල් වංචාවක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක වරෙන්තු නිකුත්ව සිිටි පුද්ගලයින් දෙදෙනෙකු බවද පොලීසිය සදහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28 සහ අවුරුදු 30 යන වයස්සීමාවල පසුවන දෙදෙනෙක්.

අත්අඩංගුවට ගැණුනු පාකිස්තානු ජාතිකයන් දෙදෙනා අලූත්කඬේ අංක 4 මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.