Friday, April 26, 2024

General line - 0115112241

අමිත් වීරසිංහට අද අධිකරණයේදී ලැබුණු නියෝගය

අධිකරණ වාර්තාකරු




මහජන සාමය සහ  ආගමික සංහිදියාව කඩ කිරීම ආදී  චෝදනා මත අත්අඩංගුවට  ගත් මහසොහෙන් බළකායේ නායක අමිත් වීරසිංහ හෙට (29)  තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද  නියෝග කළා.

සිද්ධියට අදාලව සැකකරුට එරෙහිව සිදු කරන  පරීක්ෂණ සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් හෙට දින ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය  කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ඨාශයට නියෝග කළා.

ආගමික  සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් සැකකරු විසින්  අන්තර් ජාලයට මුදා හැර ඇති බවට පොලිසිය චෝදනා කර සිටියි.