Friday, April 26, 2024

General line - 0115112241

මාළි රාජ්‍යයේ ගම්මානයකට ජිහාඩ් ප්‍රහාරයක් : පුද්ගලයින් 100 කට අධික පිරිසක් මරුට

හර්ෂිකා සංජීවනී




මාලී රාජ්‍යයේ සන්ගා ප්‍රදේශයේ ඩොගෝන් ග්‍රෝතික ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයකගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර සෙසු පිරිසගේ සිරුරු සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජිහාඞ් අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ලකර ඇති බවට සැක පළ කෙරෙනවා.