Friday, April 26, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අත්අඩංගුවට ගත් 07කට ඇප

ටෝනි කරුණානායක




මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 07 දෙනෙකු අද (12) දිනයේ ඇප මත මුදා හැරුණා.

මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 07 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප නියම කිරීමටයි එහිදී  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

තවත් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බැවින් එළඹෙන 19 වැනිදා දක්වා ඔවුන් දෙදෙනා යළි රිමාන්ඩ් කිරීමටද නියෝග කළා.

පසුගිය දිනවල මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය පාලනය කිරීමට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.