Saturday, April 27, 2024

General line - 0115112241

වදක තනතුරට තේරෙන දස දෙනෙකු STF වෙත බාරදීමට නියමිතයි

නිශාන් ද සිල්වා




වදක තනතුරට සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් පිරිස අතරින් අවසන් සුදුස්සන් 04 දෙනෙකු තෝරාදීම පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත පැවරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වදක තනතුරට සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 26 දෙනා ඊයේ (11) ප‍්‍රායෝගික පුහුණු වැඩමුළුවකට කැඳවා තිබුණා. එම 26 දෙනා අතරින් 24 දෙනෙකු ඊට එක්ව සිටි බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

එම වැඩමුළුවේදී ක‍්‍රියාත්මක වූ ආකාරය මත තෝරාගත් 10 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පවත්වන විශේෂ පුහුණුවකට යොමු කිරීමට නියමිතයි. වදක තනතුරට අවශ්‍ය පරිදි එම විශේෂ පුහුණුව සැලසුම් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

අදාළ පුහුණුවේදී විශේෂ දක්ෂතා දක්වන සිව් දෙනෙකු වදක තනතුර සඳහා තෝරාදීම විශේෂ කාර්ය බලකාය වෙත පවරා ඇති බව එම ආරංචි මාර්ග අනාවරණ කළා. ඔවුන් අතරින් දෙදෙනෙකු වදක තනතුරේ රාජකාරී සඳහා බඳවා ගැනීමට නියමිතයි. 

මේ අතර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (11) වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් එල්ලා මරණ ස්ථානය පරීක්ෂාවකට ලක්කර ඇති බවද වාර්තා වුණා.