Friday, April 26, 2024

General line - 0115112241

හොංකොං විරෝධතා වැඩි වන ලකුණු

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අපරාධවලට සම්බන්ධ චෝදනා එල්ල වන පුද්ගලයින් චීන මව් දේශයට පිටුවහල් කිරීමට එරෙහිව හොංකොං හි ආරම්භ කළ විරෝධතා තවදුරටත් පැවැත්වෙනවා.

මේ හේතුවෙන් හොංකොංහි ප‍්‍රධාන නගරවල රජයේ කාර්යාල රැසක් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්ද හටගෙන ඇති බව වාර්තා පළ වනවා.

අවුරුදු 15ත් 66 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් හැත්තෑ දෙදෙනෙකු එහිදී තුවාල ලබා ඇතැයි සඳහන්. දින කිහිපයක් තිස්සේ මෙම විරෝධතා පැවතියද එය තවදුරටත් වර්ධනය වන ලකුණු පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.