Saturday, April 27, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුව ගිල දැමූ සැකකරු මරුට




කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සිරමැදිරියේ රඳවා සිටියදී ඇතිවු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

38 හැවිරිදි මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 01ක් සමග ඊයේ (15) අත්අඩංගුවට ගැනුණේ වැල්ලම්පිටිය නාගහමුල්ල ප‍්‍රදේශයේදීයි.

අනතුරුව සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ සිර මැදිරියේ රඳවා සිටියදී රෝගාතුර වී තිබෙනවා.

එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ අත්අඩංගුවට ගැනීමට පෙර තමා සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකැට්ටුවක් ගිල දැමූ බවයි. ඒ අනුව ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැකකරු මියගොස් තිබෙනවා.