Saturday, April 27, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය මධ්‍යම රාත්‍රියෙන් අවසන් (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද 05වන දිනටත් පැවැත්වෙන මෙම ධාතු නමස්කාරයේදී ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා සැදැහැවතුන් බොහෝ පිරිසක් එක්වුණා. තවදුරටත් දිගු පෝලීම් දක්නට ලැබෙන බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ.  

ඉකුත් 07 වනදා අකුරැස්ස දීගල ශ්‍රී වර්ධන මහා පිරිවෙන් විහාරස්ථානයේ දී සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ ධාතුන් වහන්සේ ඉකුත් 09වනදා යක්කල ශ්‍රී අභයසේකරාරාම විහාරස්ථානයට වැඩම කරනු ලැබුවා. මොණරාගල බුක්කීරියගොල්ල ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථානයේ දී ඉකුත් 11වනදා සිට ධාතු න් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වුණා. ධාතුන් වහන්සේ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයට වැඩම කරනු ලැබුවේ ඉකුත් 13වනදායි. 
 

...........................................................

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ අවසන් දිනය අදයි (UPDATE)

(17-06-2019 19:20)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය යටතේ ධාතුන් වහන්සේ වැරැදපුදා ගැනීමට සැදැහැවතුන්ට අද මධ්‍යම රාත්‍රිය තෙක් අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ,  මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදීයි.

ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා මේ වනවිටත් බොහෝ පිරිසක් පැමිණ සිටින බවයි නෙත් නිවුස් නියෝජිතයින් සඳහන් කළේ. නවතම තොරතුරු නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.

..........................................

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ අවසන් දිනය අදයි (UPDATE)

(17-06-2019 09:50)

නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද (17) දිනයේද මහරගම තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී පැවැත්වෙනවා.

තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය පැවැත්වෙන පස්වන දිනය අදයි.

ඉකුත් දිනවලදී මෙන්ම ඊයේ දිනයේද ධාතුන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලින් සැදැහැවතුන් රැසක් පැමිණියා.

ධාතුන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා එලෙස පැමිණි සැදැහැවතුන් නෙත් නිවුස් වෙත දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.

නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද දිනයේද දවස පුරා සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාර පිංකම් මාලාවේ අවසන් දිනය ද අදයි.  මෙම පරිශ්‍රයට පැමිණෙන ජනතාවට පොසොන් තොරණ, පොසොන් පහන් කූඩු, ආගමික වැඩසටහන් සහ දන්සැල් ආදී ය සමගින් එකතු වීමේ හැකියාවද පවතිනවා. 

 

 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් මෙතැනින්)