Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව්වන් ගෙන් බංග්ලාදේශයට ලකුණු 322ක ඉලක්කයක්

සමීර ගොඩපිටිය




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය දැන් පැවැත්වෙනවා. ඒ, එංගලන්තයේ කවුන්ටි ග්‍රවුන්ඞ් ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 321 ක් රැස් කළා.

කොදෙව් ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ක්‍රිස් ගේල්ට සහ එවින් ලෙවිස්ට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් මොහොමඞ් සයිෆුද්දීන් ක්‍රිස් ගේල් ලකුණු ලබා ගැනීමට පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුණා. දෙවැනි කඩුල්ල සදහා එක් වූ එවින් ලෙවිස් හා ෂායි හෝප් ලකුණු 116ක සබඳතාවයක් ගොඩ නගමින් කොදෙව් ඉනිම ශක්තිමක් කළා.

ෂායි හෝප් ලකුණු 96යි. එවින් ලෙවිස් 70යි. පන්දු යැවීමේදී මස්ටෆිසූර් රහ්මේන් ලකුණු 57කට කඩුලු 3ක් බිද හෙලුවා.