Friday, April 26, 2024

General line - 0115112241

අණ නොතැකූ ත්‍රී රෝද රථයකට ගම්පහදී වෙඩි

සමන්ත කුමාර




ගම්පහ නගරයේ පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය කළ තී‍්‍ර රෝද රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. එහිදී තුවාල ලැබූ තී‍්‍ර රෝද රථ රියදුරා ප‍්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. තුවාලකරු අදාළ අවස්ථාවේ බීමත්ව සිට ඇති බව ද අනාවරණ වී ඇතැයි පොලීස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා. 

අදාළ තී‍්‍ර රෝද රථය නතර කරන ලෙස ගම්පහ නගරයේ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් සංඥා කළ අවස්ථාවේදී එම අණ නොතකා අදාළ රියදුරු තී‍්‍ර රෝද රථය ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාවේ ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් ජීප් රථයකින් අදාළ තී‍්‍ර රෝද රථයේ පිටුපස ලූහුබැඳ ගොස් එය නැවැත්වීමට සංඥා කළ ද අදාළ රියදුරු එම අණ නොතකා තී‍්‍ර රෝද රථය ධාවනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.