Saturday, April 27, 2024

General line - 0115112241

"මේ ජනාධිපති ගෙනා හේතුව" - රාජිත කියයි

සජිත් තිලකරත්න




19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් ජනාධිපතිවරයා ද ධුරයෙන් ඉවත් විය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ, නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්. 

එහිදී "19 හොඳ නැත්නම් මේ ජනාධිපතිත් හොඳ නෑ කියලා කියන්න පුළුවන්. මොකද මේ ජනාධිපති ආවේ ඒකටයි. 19යටත් එහා ගිය විධායක ජනාධිපති අහෝසි කරනවා කියලා එතුමමයි කිව්වේ සෝභිත හාමුදුරුවන්ගේ කකුල් දෙක ඉස්සරහා. අද කොහොමද ඒවා වෙනස් වෙන්නේ. මම කියන්නේ 20 වන සංශෝධනය ගෙනත් වහාම මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ. " යනුවෙන් සඳහන් කෙරුණා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ කිසියම් ගැටළුවක් තිබේනම් අහෝසි කිරීමකින් තොරව එය නිවරුදි කළ නොහැකිදැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

එහිදී ඕනම ව්‍යවස්ථාවේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය විධිවිධාන ගෙන ඒම මගින් ඒවා සියල්ල සාධනීය කළ හැකි බවයි සඳහන් කෙරුණේ.