Wednesday, May 8, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියේ පැවැත්වීමට නියමිත තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගවල විනිසුරු මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් කුමාර ධර්මසේන නම් කර තිබෙනවා. ඒ, මෙවර තරගාවලියේ මූලික වටයේ තරගවලින් ලබාගත් නිගමනයන් ද සැලකිල්ලට ගනිමින්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිල වශයෙන් කුමාර ධර්මසේනගේ නම ප්‍රකාශයට පත් කළා. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ලබන 09වනදා ආරම්භ වනවා. පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි. එහි විනිසුරු මඩුල්ලට තෝරා ගෙන ඇත්තේ එංගලන්ත ජාතික විනිසුරුවරුන් දෙදෙනෙක්.

කුමාර ධර්මසේන නම් කර ඇත්තේ ලබන 11වනදා පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා - එංගලන්ත තරගයේ ප්‍රධාන විනිසුරු ලෙසයි. එම තරගයේ තරග තීරකයා ලෙස ශ්‍රී  ලංකාවේ රන්ජන් මඩුගල්ල නම් කර තිබෙනවා. 

අවසන් පූර්ව වටයේ විනිසුරු මඩුල්ලට තේරී පත්වූ එකම ආසියාතික විනිසුරුවරයා වන්නේ ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන වීම ද විශේෂත්වයක්.