Saturday, April 27, 2024

General line - 0115112241

ජාතික මව්කිරි දීමේ සතිය හෙටින් ඇරඹේ




ජාතික මව්කිරී දීමේ සතිය හෙටින් ආරම්භ වනවා. ‘‘මව්කිරෙන් සපිරි – ජාතියක අසිරි’’ යන්න මෙහි තේමාවයි.

දරුවෙකුට මුල් මාස හය තුළ මව්කිරී දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය යන්න ප‍්‍රවර්ධනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළා.

2012 වසරේ රටවල් 51ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකට අනුව මවුකිරි ලබාදීමේ වැඩිම ප‍්‍රතිශතය ඇති රට බවට ශී‍්‍ර ලංකාව පත් වුණා.

2016 වසරේ රටවල් 121ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමික්ෂණයේදී ශී‍්‍ර ලංකාව ප‍්‍රථම ස්ථානයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා.

දරුවෙකු ඉපිද පළමු පැය තුළ මව්කිරීදීමේ ප‍්‍රතිශතය සියයට 92ක්. එය සියයට 95ක් දක්වා වැඩි කළ යුතු බවයි ඔහු කියා සිටියේ.