Friday, April 26, 2024

General line - 0115112241

මුස්ලිම් රාජ්‍යයක් පිළිබඳ සංකල්පයක් මුස්ලිම් තරුණයින් අතර වර්ධනය වන තත්ත්වයක් හෙළිකරයි




අද වනවිට මුස්ලිම් රාජ්‍යයක් පිළිබඳ සංකල්පයක් මුස්ලිම් තරුණයින් අතර වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා ජමාතෙයි ඉස්ලාම් නම් සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයෙකු වන ඒ. ජී. එම්. නතීර් පවසනවා.

1988 වකවානුවේදී ජමාතුල් මුස්ලිමීන් නම් සංවිධානයේ නායකයා ලෙසද කටයුතු කළ ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

කුරාණයේ සම්පූර්ණ පරිවර්තනයක් මෙරට නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා. ඒ. ජී. එම්. නතීර් අරාබි - ඉංගී‍්‍රසි භාෂා පරිවර්තකයෙකු ද වනවා.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්තද මෙම වැඩසටහනට එක් වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.