Saturday, April 27, 2024

General line - 0115112241

බස් හිමියන් බස් ගාස්තු සංශෝධනයක් ලබා ගන්න නීතිය ඉදිරියට යන්න සූදානම් වෙයි

හර්ෂිකා සංජීවනි




ජාතික ප‍්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනයක් ලබා නොදීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවධානය යොමුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳ අදාළ ආයතන වලින් මේ වනවිටත් විමසීම් සිදු කර ඇති බවයි. 

බස් ගාස්තු ජාතික ප‍්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මාසයේ පළමුවනදාට බස් ගාස්තු සංශෝධනයක් සිදු වනවා. එහෙත්, මෙම වසරේදී එවැනි සංශෝධනයක් සිදුවූයේ නැහැ. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ගමනාගමන කොමිසමෙන් කළ විමසීමකදී එහි සභාපතිවරයා කියා සිටියේ බස් ගාස්තු ජාතික ප‍්‍රතිපත්තියේ ගැටලූ කිහිපයක් පවතින බවයි. ඒවා සංශෝධනය කිරීමෙන් පසු බස් ගාස්තු අඩු හෝ වැඩි කිරීම පිළිබඳ සලකා බලන බව ද ඔහු ප‍්‍රකාශ කළා.