Saturday, April 27, 2024

General line - 0115112241

එංගලන්තයට ලකුණු 242 ඉලක්කයක්

දිනුක් හේවාවිතාරණ




ලෝක කුසලාන ක්‍රිකට් අවසාන මහ තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 241 රැස කර ගනු ලැබුවා.

තරගයේ ආරම්භක පන්දුවාර 10 තුලදී නවසීලන්ත ආරම්භක පිතිකරුවන්ට රැස් කිරීමට හැකිවුයේ ලකුණු 33ක් පමණක් අතර ප්‍රවේගකාරී පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු 19ක් ලබා සිටියදී ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත්විය.

තරගාවලිය පුරාම නවසිලන්ත පිතිකරණ බල ඇණියේ නැංගුරම වූ නායක කේන් විලියම්සන් ලකුණු 30කට දවා ගනිමින් එංගලන්ත පන්දු යවන්නන් සිය අණසක පැතිරවීමට සමත් වූ අතර එතැන් පටන් නවසීලන්ත පිතිකරුවන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකිවුයේ නැත.

නවසිලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු හෙන්රි නිකලස් ලකුණු 55ක්, ටොම් ලැතම් ලකුණු 47ක් රැස් කර ගනු ලැබුවා. එංගලන්තය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ලියාම් ප්ලන්කට් ලකුණු 42කට කඩුලු 3ක් සහ ක්‍රිස් වෝක්ස් ලකුණු 37 ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

 

....................................................................

කාසියේ වාසිය නවසීලන්තයට (PHOTOS)

(14-07-2019 14:41)

එංගලන්තය සමග පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත නායක කෙන් විලියම්සන් සමත් විය. කාසිය වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.

අවසන් මහ තරගය සඳහා නවසීලන්තය සහ එංගලන්ත කණ්ඩායම් දෙකේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති අතර අවසන් පුර්ව වටයේදී ක්‍රීඩා කරනු ලැබූ කණ්ඩායමම අද තරගයට ක්‍රීඩා කරන බවයි නායකයින් දෙපළ කියා සිටියේ.

2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශුරයින් බවට වූයේ නවසීලන්තයයි. එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලැබුවේ වසර 27කට පසුවයි.

....................................................

කාසියේ වාසිය බැලීම ප්‍රමාදයි 

(14-07-2019 14:31)

නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වීම නියමිත ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මිනිත්තු 15කින් ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා. ඒ අද අළුයම ලෝඩ්ස් ක්‍රීඩාංගනය පිහිටි ලන්ඩන් නගරයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙනි.

කෙසේ වුවත් තරගයේ කාසියේ වාසිය එරට වේලාවෙන් උදැසන 10.15ට උරගා බැලීමට නියමිතව තිබු අතර එය පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට තරග තීරකවරුන් තීරණය කර තිබෙනවා. පෙ.ව. 10.45ට තරගය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය නිවේදනය කරන්නේ.