Friday, April 26, 2024

General line - 0115112241

නේපාලයේ ගංවතුරෙන් 43 දෙනෙක් මරුට

තරංග රුක්ෂාන් ජයසේකර




නේපාලයට සහ ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ජන ජීවිතයට මෝසම් කාලගුණය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නේපාලයේ පමණක් පුද්ගලයින් 43 දෙනෙකුට මේ වනවිට දිවි අහිමි වී ඇති බවයි.

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව මිලියනයකට අධිකයි. නිවාස 10,385කට හානි සිදුව ඇති අතර පුද්ගලයින් 1,100ක් බේරාගත් බව නේපාල පොලිසිය පවසනවා.