Friday, April 26, 2024

General line - 0115112241

මහින්ද දේශප්‍රියගෙන් සියලු දේශපාලන පක්ෂවලට දොස්




පළාත් සභා මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් සියලූ දේශපාලඥයින් වගකිව යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා. ඊයේ (15) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා. 

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් එළඹෙන ඔක්තෝබර් මස 15 වැනිදාට පෙර පැවැත්විය යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා. 

මැතිවරණය පැවැත්වීම සඳහා ව්‍යවස්ථාදායකය කටයුතු නොකරන්නේ නම් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක විය හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.