Friday, April 26, 2024

General line - 0115112241

තිරිගු පිටි මිල ඉහළට

රංජිත් රාජපක්ෂ - හැටන්




තිරිගු පිටි කිලෝවක මිල අද (16) සිට රුපියල් 08කින් ඉහළ දැමීමට ප්‍රිමා සමාගම තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී වාර්තා වුණේ එම සමාගම දිවයිනේ සියළුම ප්‍රිමා පිටි බෙදා හරින නියෝජිතයන් වෙත මේ බව දන්වා ඇති බවයි. කෙසේ වෙතත් අදාළ මිල ඉහල දැමීමට හේතුව කුමක්දැයි එම සමාගම මෙතෙක් දැනුම් දී නැහැ.

වෙළද පොළේ මේ වන විට තිරිගු පිටි සඳහා පාලන මිලක්ද ක්‍රියාත්මක නොවන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඇතැම් ප්‍රදේශවල තිරිගු පිටි කිලෝවක් රුපියල් 95ත් 108ත් අතර මිලකට අලෙවි වන බවටද වාර්තාවනවා.

තිරිගු පිටි වැඩි කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් පාරිිභෝගික ජනතාවගෙන්ද විමසීමක් කළා.

මේ අතර තිරිගු පිටි මිල වැඩි කිරීම සාධාරණ නොවන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කලා. නෙත් නිවුස් කළ විමසීමකදී බේකරි හිමියන් ප්‍රකාශ කලේ තිරිගු පිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල දැනුම් දීමක් නොමැති බවයි.