Friday, April 26, 2024

General line - 0115112241

ඕමන්ත පැරණි මුර පොළ පැවති ඉඩමේන් බෝම්බ මතු වෙයි

මාධව කුලසූරිය




වව්නියාව ඕමන්ත පැරණි මුර පොළ පැවති ස්ථානයේ ඉඩමකින් බෝම්බ තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ අදාළ ඉඩම වගා කටයුතු සඳහා සකස් කරමින් තිබියදීයි.

ඒ පිළිබඳ එම ඉඩමේ හිමිකරු පොලිසියට කළ දැනුම් දීම මත අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණා. එහි තිබී බිම් බෝම්බ 07ක් සොයා ගෙන තිබෙනවා. අදාළ ඉඩමේ තවත් බෝම්බ තිබේදැයි සොයා පරීක්ෂණ සිදු කරන බව වව්නියාව පොලිසිය ප්‍රකාශ කළා.