Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල අද

කසුන් කැළුම්




ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (17) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

2017 වසරේ ජනවාරි සිට 2018 වසරේ දෙසැම්බර් දක්වා කාලසීමාවේදී දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ  කී‍්‍රඩාව වෙනුවෙන් විශේෂ කැප කිරීමක් සහ විශාල කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයින් මෙහිදී ඇගයීමට ලක් වනු ඇති.

ක‍්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආදර්ශවත් ක‍්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම සම්මානද මෙහිදී පිරිනැමීමට නියමිතයි. එම විශිෂ්ට සම්මාන නම් කර ඇත්තේ කී‍්‍රඩා දේශෝත්තර, ක‍්‍රීඩා රත්න, කී‍්‍රඩා භූෂණ හා ක‍්‍රීඩා ප‍්‍රභා යන්නයි.

ජනප‍්‍රියම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, නැගී එන යොවුන් ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව මෙවර තෝරා ගනු ලබන්නේ  (SMS) කෙටි පණිවිඩ මගින්. එම සෑම අංශයකටම පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළත් කර තිබීමද විශේෂත්වයක්.

වසරේ ක‍්‍රීඩා විශිෂ්ටයා, වසරේ දක්ෂතම ක‍්‍රීඩා කණ්ඩායම, සුවිශේෂී ප‍්‍රතිඵල අත්කරගත් වසරේ දක්ෂතම කී‍්‍රඩිකාව, වසරේ දක්ෂතම කී‍්‍රඩකයා, වසරේ දක්ෂතම පැරා කි‍්‍රඩිකාව හා දක්ෂතම පැරා ක‍්‍රීඩකයා සඳහාද අද සම්මාන පිරිනැමෙනවා.

වසරේ කනිෂ්ඨ කී‍්‍රඩා කණ්ඩායම, වසරේ හොඳම කනිෂ්ඨ කී‍්‍රඩිකාව හා කනිෂ්ඨ ක‍්‍රීඩකයාටද අද පැවැත්වෙන ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙලේදි සම්මාන පිරිනැමෙනු ඇති.

03 වන වරට පැවැත්වෙන ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල පිළිබඳ කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ මෙවර කී‍්‍රඩා සම්මාන උළෙල නවතම ආකාරයකට සියලු අංශයන් නියෝජනය වන පරිදි සංවිධානය කර ඇති බවයි.

මේ අතර මෙවර ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළලේ වසරේ හොඳම කාලීන සිදුවීම්, ගුවන් විදුලි වැඩසටහනට හිමි සම්මානය සඳහා නෙත් ස්පෝර්ට්ස්මන්ද නිර්දේශ වී සිටිනවා.