Saturday, April 27, 2024

General line - 0115112241

නිදහස් පක්‍ෂය සමග සාකච්ඡා අසාර්ථකයි - පොහොට්ටුව කියයි - තනි තීරණයකට එකග නැහැ දයාසිරිත් කියයි

නිශාන් ද සිල්වා/දිල්ශාන් තුෂාර/හර්ෂිකා සංජීවනි




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡුා අසාර්ථක බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දු පවසනවා.

ඔහු කියාසිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එම සාකච්ඡා කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අරුන්දික ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා. 

මේ අතර ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියාසිටියේ පොදුජන පෙරමුණ තනි කැමැත්තට පත් කරන ජනාධිපති අපේක්‍ෂකයෙකුට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහාය ලබානොදෙන බවයි.