Saturday, April 27, 2024

General line - 0115112241

දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩිවීමේ අවදානමක්




දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ව්ැඩිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනිද්දා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින්විට හමන තද සුළං ද සෙසු ප්‍රදේශවල තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.