Saturday, April 27, 2024

General line - 0115112241

ජපානයේ චිත්‍රාගාරයකට පුද්ගලයෙක් ගිනි තබයි : පුද්ගලයින් 10ක් මරුට (PHOTOS / VIDEO)

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජපානයේ කියෝතෝ නුවර පිහිටි සජීවකරණ චිත්‍රාගාරයක හටගත් ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

අද (18) උදෑසන අදාළ චිත්‍රාගාරයට කඩා වැදුනු සැකකටයුතු පුද්ගලයෙකු හඳුනානොගත් යම් ද්‍රාවණයක් ඉසීම හේතුවෙන් මෙම ගිනි ගැනීම හට ගෙන ඇතැයි සඳහන්. පසුව අදාළ සැකකටයුතු පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ එම සැකකරු ද රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නැහැ.