Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩකයන් හතරක් හැලේ

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයින් සිව් දෙනෙකු බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා. 

ඒ අනුව මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ජීවන් මෙන්ඩිස්ට එක්දින සංචිතයේ සිය ස්ථාන අහිමි වී ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ඉලක්ක කර ගනිමින් කී‍්‍රඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට නිරෝෂන් දික්වැල්ල, අමිල අපොන්සු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, ලහිරු මදුශංඛ සහ අකිල ධනංජය කැදවා ඇති බවද වාර්තා වනවා. 

එම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතයි. සියළු තරග දිවා රාතී‍්‍ර තරග ලෙස කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙනවා. පළමු තරගය ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි.