Saturday, April 27, 2024

General line - 0115112241

බංග්ලාදේශ සංචාරයෙන් දිනේෂ් චන්දිමාල් හැලෙයි : සංචිතයට නිරෝෂන් සහ ධනුෂ්ක නම් කෙරේ

කසුන් කැලුම් / දිනුක් හේවාවිතාරණ




බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙක් ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා. ඒ සඳහා පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇතුලත් නොවූ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක ද ඇතුලත් ව සිටිනවා.

මෙවර සංචිතය සඳහා හිටපු එක්දින කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඇතුලත් නොවීම විශේෂත්වයක්. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ජුලි මස 26 වෙනිදා පැවැත්වීමට නියමිතයි.