Saturday, April 27, 2024

General line - 0115112241

නව ජාතික හැඳුනුම්පතේ ඇති හැකියාව ගැන පැහැදිළි කරයි




දියුණු විශේෂාංග ඇතුළත් කරමින් ජාතික හැදුනුම්පත නව මුහුණුවරකින් සකස් කිරීම නිසා ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඉදිරියේදී එමගින් වැඩි සහායක් ලැබෙනු ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

සී. සී. ටී. වී. දර්ශනයකින් ලබාගන්නා පුද්ගල ඡායාරූපයක් පාදක කර ගනිමින් නොදන්නා පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කර ගැනීමටද ඒ අනුව හැකි වනු ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පෙන්වා දෙන්නේ.

ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීවද මෙම සංවාදයට එක්වුණා. ඔහු පැවසුවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා තොරතුරු තාක්‍ෂණය පදනම් කර ගත් දියුණු ක‍්‍රම යොදා ගැනීම නිසා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අලුත් තර්ජනද ඇති විය හැකි බවයි. ඒ අනුව එවැනි තර්ජන වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීති සැකසීමද දැන් ආරම්භ කර ඇතැයි ඔහු පැවසුවා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.