Saturday, April 27, 2024

General line - 0115112241

කලකිරුනු තවත් ක්‍රිකට් තරුවක් සමුගැනීම ප්‍රකාශයට පත්කරයි

කසුන් කැලුම්




කලක් එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසු වූ නුවන් කුලසේකර, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සිය සමුගැනීම අද (24) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒ, කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. එහිදී ඔහු සඳහන් කළේ ලසිත් මාලිංග සමඟ සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස තමන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කළද ඊට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි. 

මේ අතර ලබන 26වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරගය ද මෙයයි.