Saturday, April 27, 2024

General line - 0115112241

ලෝක ශුරයින් අයර්ලන්තය හමුවේ අසරණ වෙයි

දිනුක් හේවාවිතාරණ




එංගලන්ත කණ්ඩායම සිය ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව තමන් මුහුණ දුන් පළමු ටෙස්ට් තරගයේ  පළමු ඉණිමේදි අයර්ලන්තය හමුවේ ලකුණු 85 කට දැවී ගියා. තරගය පැවැත්වෙන්නේ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිඩාංගනයේදී.

කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කරනු ලැබුවා.

එංගලන්තය වෙනුවෙන් ජේසන් රෝයී, ඕලී ස්ටෝන් ද, අයර්ලන්තය මාර්ක් අඩේයර් අද (24) සිය රට වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනිමට සමත් වුනා.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභින් වුයේ ලකුණු 23ක් ලබා ගත් ජෝ ඩෙන්ලී සහ ලකුණු 19ක් ලබා ගත් ඕලී ස්ටෝන්ය. අයර්ලන්තයේ ටිම් මුර්ටාග් ලකුණු 13 කට එංගලන්ත පිතිකරුවන් 05 දෙනෙක් දවා ගැනිමට සමත්විය.

අයර්ලන්ත කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිම සදහා කඩුළු 8ක් දැවි ලකුණු 190ක් රැස් කර ගෙන සිටිනවා.