Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 239 ක ඉලක්කයක් 

දිනුක් හේවාවිතාරණ




කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 238ක ලබා ගත්තා. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් පන්දු 110 කදී නොදැවී ලකුණු 98ක් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 06 ලකුණු 117කට දැවී ගොස් තිබියදී මුෂ්ෆිකර් රහීම් සමග එක්වූ මෙහෙදී හසන් (43) හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවා.

පන්දු යැවීම අංශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන සහ අකිල ධනංජය කඩුලු දෙක බැගින් දවා ගනු ලැබුවා.

.........................................................................

බංග්ලාදේශයේ පළමු කඩුලු 02ක බිඳ වැටේ

(28-07-2019 15:20)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. 

අද තරගයේදී ලසිත් මාලිංග ගේ ස්ථානය ඉසුරු උදානට හිමිවී තිබෙන අතර තිසර පෙරේරා වෙනුවට අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. 

මේ වන විට පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම ඕවර 11 ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටිනවා.