Saturday, April 27, 2024

General line - 0115112241

චීනයේ නාය යාමකින් පුද්ගලයින් 30 දෙනෙක් ජිවිතක්ෂයට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනයේ ගුයිෂු ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි. ඇද හැලුනු දැඩි වර්ෂාපතනයත් සමග නායයාමට ලක්ව කඩා වැටුණු පස් තට්ටුවලට නිවාස 20 ක් පමණ යටවී සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්. ජීවිතක්ෂයට පත්වූවන් අතර මවක් කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ. 

මේ අතර චීනයේ හුයිචෙන්ග් ප්‍රදේශයේ ද තවත් නායයාමක් සිදුව තිබෙනවා. ඉන් ආපදාවට ලක්වූ පුද්ගලයින් 40 දෙනෙකු පමණ සහන සේවකයින් විසින් මුදා ගැනුණා. චීනයේ ප්‍රදේශ රැසකට මේ දිනවල දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් තිබෙනවා. පාසල් රැසක් තාවකාලිකව වසා දමා අවතැන් වී සිටින පිරිස් ඒවායේ රඳවා ඇති බව ද සඳහන්. විපතට පත්වූවන් හට කඩිනමින් සහන සැලසීම සඳහා රජය විසින් යුආන් මිලියන 30 ක් ආධාර වශයෙන් මුදා හැර තිබෙනවා.