Saturday, April 27, 2024

General line - 0115112241

තිලාන් සමරවීරට නවසීලන්තයෙන් ක්‍රිකට් තනතුරක්

කසුන් කැලුම්




හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ, නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහායි.

තිලාන් සමරවීර කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන්ද කටයුතු කළා.  නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටේඞ් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී සිය පිතිකරුවන්ට ඉහළ දක්‍ෂතා දැක්වීමට තිලාන් සමරවීරගේ අත්දැකීම් උපකාරී වනු ඇති බවයි.

නවසීලන්තය, ශ්‍රී ලංකා තරග සංචාරයේදී ටෙස්ට් තරග දෙකකට සහ පන්දුවාර විස්ස තරග තුනකට සහභාගි වනවා. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අගෝස්තු මස 14 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදි ආරම්භවීමට නියමිතයි.