Saturday, April 27, 2024

General line - 0115112241

අපි ඔක්කොම සූදානම් වෙලා ඉන්නේ - දිමුත්

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයින් රැසක් දක්‍ෂතා අතරට පැමිණීම හේතුවෙන් කණ්ඩායමේ සිය ස්ථාන රැක ගැනීම සදහා කී‍්‍රඩකයන් අතර වර්තමානයේ තරගකාරිත්වයක් ඇතිව තිබෙන බව නායක දිමුත් කරුණාරත්න පවසනවා.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලද එක්දින තරගාවලි ජයග‍්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

''දැන් ඔක්කොම ක්‍රීඩකයන් සූදානම් වෙලා ඉන්නේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මම ගොඩක් සන්තෝසයි කණ්ඩායමට ආපු හතර දෙනාම උපරිම දේ ගත්තා. කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට පීඩනයක් නිර්මාණය කරගන්න එය හොඳ අවස්ථාවක්. මේ කණ්ඩායම සමග ඉස්සරහට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. හැමෝම දැන් තම ස්ථානය වෙනුවෙන් තරගයක් දෙන්න ඕන. ඒක හොඳ දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට.

අපේ පිතිකරණ, පන්දු යැවීම හා  පන්දු රැකීම හොඳට තිබුණා. මේ වගේම අපි රටින් පිටදීත් දක්ෂතා දක්වන්න ඕන. මේ ගන්න විශ්වාසය අපි ඉදිරියටත් පවත්වාගෙන යන්න ඕන. මේක අපේ ක්‍රීඩකයන්ට ඉදිරියට යන්න හොඳ අවස්ථාවක්. හොඳ දේවල් අපි දිගටම කරන්න ඕන. ලසිත් අයියා විශ්‍රාම ගත්ත නිසා විකට් අරගෙන යන පන්දු යවන්නන් හොයා ගන්න ඕන. අපිට හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයන් හොයා ගන්න ඕන.

පිතිකරුවන් 6 දෙනා හැම තරගයකම වගේ දක්ෂතා දක්වන්න ඕන. අපිට හොඳ වමත් දඟ පන්දු යවන්නෙක් ඕන. ලසිත් ඇඹුල්දෙනියට කණ්ඩායමට එන්න අවස්ථාවක් තිබෙනවා. අපි කාටවත් බනින්නේ නෑ. ක්‍රීඩකයන්ට නිදහස දීලා තිබෙනවා. කැච් එකක් අතහැරියා කියලා හෝ අවුට් වුණා කියලා බනින්නේ නෑ. ඒ අයටම ඉගෙන ගන්න අවස්ථාව දී තිබෙනවා.”