Friday, April 26, 2024

General line - 0115112241

පුහුණු තරගයේ අවසන් දිනය අදයි

කසුන් කැලුම්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින කි‍්‍රකට් තරගයේ අවසන් දිනය අදයි. 

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ තරගය පැවැත්වීමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා පිල කඩුළු 6 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 323 ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 98 ක් සහ සදීර සමරවික‍්‍රම ලකුණු 80 ක් රැස් කිරීමට සමත් වුණා. අශාන් පි‍්‍රයන්ජන් නොදැවී ලකුණු 56 යි. 

පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 41 කට කඩුළු 5 ක් දවා ගත්තා. තරගය කටුනායක නිදහස් වෙළද කලාප කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.