Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දීය කොංග්‍රසයේ නායකත්වය යළිත් සෝනියා ගාන්ධිට හිමිවන ලකුණු

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අන්තර්වාර සභාපතිනිය ලෙස සෝනියා ගාන්ධි පත් කර තිබෙනවා. ඒ, එම පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව විසින්. රාහුල් ගාන්ධිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොංග්‍රස් පක්ෂයේ සභාපතිධූරය සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට ක්‍රියාකාරී කමිටුව ඊයේ (10) දිනය පුරා සාකච්ඡා පැවැත්වුවා.

එහෙත්, සභාපතිධූරය සඳහා කිසිවෙකුත් පත් කර ගැනීමට හැකිවූයේද යන්න හෝ නව සභාපතිවරයා කවුරුන්ද යන්න ප්‍රකාශ කිරීමට කොංග්‍රසයේ ක්‍රියාකාරී කමිටුවට මෙතෙක් හැකිවී නැහැ. රාහුල් ගාන්ධි හට යළිත් සභාපතිධූරය ලබා දීමට කොංග්‍රස් පක්ෂයට අවශ්‍ය වී ඇති නමුත් ඔහු එම ආරාධනා ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. එසේම රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධිගේ නම ද සභාපතිධූරය සඳහා යෝජනා වී ඇතැයි සඳහන්.