Saturday, April 27, 2024

General line - 0115112241

ගෝඨාභයගේ නම් කිරීමත් සමග දිවයින පුරා ප්‍රීති ඝෝෂා (PHOTOS)

ලලිත් චාමින්ද / වසන්ත චන්ද්‍රපාල / රංජිත් රාජපක්ෂ




අද (11) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සම්මේළනයේදි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේ  පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරිමත් සමගම රටේ ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළකරනු ලැබූ බව අපගේ ප්‍රාදේශිය වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා.

හැටන්, නාවලපිටිය, ගාල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව කිරිබත් පිස මෙම අවස්ථාව සැමරූ බවයි අප නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.