Saturday, April 27, 2024

General line - 0115112241

"බලන් හිටියේ පොහොට්ටුව අපේක්ෂකයා නම්කරන තෙක්" - ශ්‍රීලනිපයෙන් ප්‍රකාශයක්

රවින්ද්‍ර චන්ද්‍රලාල්




ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ දක්වා සිදු කළ සාකච්ඡා ද මෙතෙක් අවසන් වී නොමැති බවයි. 

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ නම්, පක්ෂයක් ලෙස පමණක් එම තීන්දුව ගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ තම පක්ෂයේ එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ පමණක් බවයි. 

එහෙත්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ දැයි දැන් තීන්දුවක් ගත යුතු බවයි. 

එහිදී "ඔය නම් කිරීම කරන තෙක් තමයි අපි බලන් හිටියේ.  කවුද පොහොට්ටුවේ අපේක්ෂකයා කියලා. දැන් අපි මුලින්ම තීරණය කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් දානවාද නැද්ද කියලා. ඊළඟට අපි පොහොට්ටුවත් සමග සන්ධාන ගත වෙනවා නම් සන්ධානගත වන ගිවිසුම සකස් වෙන්න ඕනේ.  ජනාධිපති අපේක්ෂකයා සමග වෙනම ගිවිසුමක් අත්සන් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙනවා. පොදුජන පෙරමුණ සමග වෙනම ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දෙක උඩ තමයි තීරණය වෙන්නේ." යනුවෙන් සඳහන් කළා.