Friday, April 26, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා (UPDATE)

තරංග රුක්ෂාන්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නියමිත වේලාවට පෙර නතර කෙරුණා.

ඒ, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්.

ඒ වනවිට තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලූ 05 කට ලකුණු   203 ක් රැස් කරගෙන සිටියා.

රොස් ටේලර් නොදැවී ලකුණු 86 යි. පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 57 කට කඩුලූ 05 ක් බිද හෙලූවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යාන්තර කී‍්‍රඩාංගණයේදීයි. 

--------------------------------------------------------------------------------------------------------------------------

 ධනංජය නවසීලන්ත ඉනිමේ කඩුලූ 05 ක් දවා ගනී

14-08-2019 15:48

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත පළමු ඉනිමේ කඩුලූ 05 ක් දවා ගැනීමට අකිල ධනංජය සමත් වුණා.

ඔහු ටෙස්ට් පිටියේ කඩුලූ 05 බැගින් බිද හෙලූ සිව්වන අවස්ථාව මෙයයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලූ 05 ක් දැවී ලකුණු 203 ක් රැස් කරගෙන සිටියා.

නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් නොදැවී ලකුණු 70 යි.