Friday, April 26, 2024

General line - 0115112241

අවසන් පෙරහැරට සියල්ල සූදානම් - දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මහනුවර පිරෙයි

කමල් සුරවීර - මහනුවර




මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ පෙරහැර නැරඹීම සඳහා දෙස් - විදෙස් විශාල පිරිසක් මේ වනවිටත් මහනුවරට පැමිණ සිටින බවයි.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා තිබෙනවා. මේ, පෙරහැර ආරම්භ කිරීමට ඇති සූදානම පිළිබද මහනුවර නගරයේ සිට තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය සදහා බැතිබර මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.