Saturday, April 27, 2024

General line - 0115112241

ඩොලර් මිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් හමුවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඩොලර් මිලියන ගණනක් වටිනා විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී සිදුකළ මෙහෙයුමකදී හැකි වී තිබෙනවා. ඒවායෙහි දළ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 61 කට අධිකයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සිව් දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකයින්. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අත්අඩංගුවට ගත් 3 වන විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි. එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබෙනවා.