Friday, April 26, 2024

General line - 0115112241

නාවික හමුදා භාරයේ තිබු බහුධින ධිවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 85ක් සොයා ගැනේ

දිනුක් හේවාවිතාරණ




නාවික හමුදා භාරයේ තිබු බහුදින යාත්‍රාවක් තුල ඉතා සුක්ෂම අයුරින් සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 85ක් අද (18) සොයා ගැනිමට හැකිවු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

නාවික හමුදාව විසින් ඉකුත් ජුලි මස 10 වෙනිදා දකුණ මුහුදු තිරයේදි ලංකාවට අයත් මෙම බහුදින ධිවර යාත්‍රාව අත් අඩංගුවට ගනු ලැබුවා. ඒ එම යාත්‍රාවේ හෙරොයින් තොගයක්ද සමගින්ය.

එම බහුදින ධිවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන ඒමෙන් පසුව එහි නැංගුරම්ලා තිබු අතර නාවික හමුදාව විසින් එම යාත්‍රාව දිගින් දිගටම සෝදිසියට ලක් කර තිබෙනවා.

ඒ අනුව සිදුකරන ලද සෝදිසියේදි යාත්‍රාවේ අභ්‍යන්තරයේ තිබු රහස් කුටියක තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 85ක් සොයා ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.