Friday, April 26, 2024

General line - 0115112241

ගෝඨා ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සූදානම්

දිල්ශාන් තුෂාර




ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රට හමුවේ එළි දැක්වීමට සූදානම් වනවා.

මේ වනවිට ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රකාශ කළේ. ග‍්‍රාමීය ජනතාවගේ ද අදහස් සහ යෝජනා එක්කර ගනිමින් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ ප‍්‍රකාශ කළා. 

ඉදිරියේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන ජන රැළි සංවිධාන කිරීමට ද සූදානම් බව මන්ත‍්‍රීවරයා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. 

උතුරු නැගෙනහිර ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම සඳහා සිය ප‍්‍රචාරක වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කරන බවයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

ඔක්තෝබර් මාසයේ 08 වැනිදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.