Saturday, April 27, 2024

General line - 0115112241

සහරාන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට 

වසන්ත චන්ද්‍රපාල




රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරක් මත ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කල ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයෙකු  අම්පාර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා සහරාන් හෂීම් සමග නුවරඑළිය කඳවුරේ පුහුණුවී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් විසින් තහවුරු කරගෙන තිබේ.

මොහමඩ් පයිඩීන් මොහමඩ් අලි නැමැති මෙම සැකකරැ වටදෙණිය ,වෙලංබොඩ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. නුවරඑළියේ පැවති පුහුණු කඳවුරට සහාභාගි වී ලැබූ පුහුණුවෙන් පසුව අබු ඉක්‍රිමා යන නාමය ඔහුට ලබාදි තිබේ.

අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ගේ තොරතුරැ අනුව මේ වෙනවිට ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ ක්‍රියාකාරීන් 16 දෙනෙකු අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.