Friday, April 26, 2024

General line - 0115112241

දේශපාලන බලපෑම් නවතන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානම් වෙති

හර්ෂිකා සංජීවනි




ඉදිරි සති 02ක කාලය තුළ යළිත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් සඳහා එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ, වෛද්‍ය ස්ථානමාරු සහ පත්වීම් කි‍්‍රයාවලිය දේශපාලනයෙන් තොරව කි‍්‍රයාත්මක නොකිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලූවලට විසඳුම් ලබා දෙන්නැයි බල කරමින්.  

වෛද්‍යවරුන් දිවයින පුරා ඊයේ පෙරවරු 08 සිට ආරම්භ කළ එක්දින වැඩවර්ජනය අද පෙරවරු 08 ට අවසන් කරන බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ.

මෙම වෛද්‍ය වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක කටයුතුවලට බලපෑම් එල්ල වුණා. කෙසේවෙතත් පෞද්ගලික රෝහල්වල සේවා සාමාන්‍ය පරිදි සිදු වු බවටයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ. ඊයේ සිදු කළ වෛද්‍ය වර්ජනය අසාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද ප‍්‍රකාශ කළා.